නිව්යෝක් නුවර ලෝන් අයිලන්ඩ් පන්සලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර පිණිස පසුගිය ඉරිදා (30) ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස්හි බුත් මෙමෝරියල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්විණි.
තරගාවලියේ ශූරතාවය නෙරංජන් දේවපතිරගේ මහතාගේ කළමනාකාරිත්වයෙන් හා චතුර පෙරේරාගේ නායකත්වයෙන් යුත් රෙඩ් රේන්ජස් කණ්ඩායම දිනාගත්තේය.
කණ්ඩායමට චාමර සෙනෙවිරත්න, දුෂාන් කුලසේකර, සුජීව ද සිල්වා, තිළිණ ප්‍රනාන්දු, යෝහාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ.
අනුශුරතාවය ඩී.ලූෂන් මහතාගේ කළමනාකාරිත්වයෙන් යුත් ඊගල් කණ්ඩායම දිනාගත්තේය.
අවසන් තරගයේ වීරයා ලෙස තිළිණ ප්‍රනාන්දු සම්මාන හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා වූයේ යොහාන් ප්‍රනාන්දුය.
සුජීව ද සිල්වාට හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය හිමි විය.





