ෆින්ලන්තයේ හෙලිකොප්ටර් දෙකක් ගැටී පහක් මරුට


ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත්වූයේ සිවිල් හෙලිකොබ්ටර් යානා දෙකකි.

අනතුර සිදුවී ඇත්තේ ෆින්ලන්තයේ ඕරා ගුවන්තොටුපොළ ආසන්නයේය. හෙලිකොප්ටර් යානා දෙක, එස්තෝනියාවේ ටලීන් අගනුවර සිට එස්තෝනියාව බලා පැමිණෙද්දී අනතුර සිදුවී ඇත. ඒ, ගුවන් සන්දර්ශනයකට සහභාගී වීමේ අරමුණින්ය.

හෙලිකොප්ටර් යානා දෙක වනාන්තර ප්‍රදේශයකට කඩා වැටුණු අතර එහි සුන්බුන් පොලිසියට හමුවී ඇත. ෆින්ලන්ත සහ එස්තෝනියානු බලධාරින් එක් වී අනතුර සම්බන්ධයෙටන් විමර්ශන මේවනවිට ආරම්භ කර ඇත.

(එන්.ඩී.ටීවී.)