ශ්‍රී ලංකාවේ අටදෙනකු මරණයට පත් කරමින් 12000ක් අවතැන් කළ සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ බංගලි දේශය හා මියන්මාරය දෙසට හැරී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
මහේසන් නමින් මේ කුණාටුව හැඳින්වීමට ශ්‍රී ලංකාව විරුද්ධ වුවත් බංගලිදේශයේ මියන්මාරය ඒ නම පාවිච්චි කරයි.
බ්‍රහස්පතින්දා සවස් භාගෙයේ හෝ සිකුරාදා අග්නිදිග බංගලිදේශයටත් මේ සුළිසුළඟ කඩා වැටෙතියි අනාවැකි පළ කෙරෙයි.
අඩු ගණනේ බංගලිදේශය, මියන්මාරය හා ඊසානදිග ඉන්දියාවේ ලක්ෂ 82ක් අවතැන් වෙතියි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

