හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්


විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ‘අවාමි ලීගය’ ලියාපදිංචි කිරීම වළක්වමිනි.

හසීනාගේ පාලනය අවසන් වීමෙන් පසු, බංග්ලාදේශයේ පවතින්නේ අන්තර්වාර පාලනයකි. රට පාලනය කරන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයකි. එම පාලක මණ්ඩලයට නායකත්වය දෙන්නේ නොබෙල් ත්‍යාගලාභියකු ද වන මුහම්මද් යුනුස්ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බංග්ලාද්ශ අන්තර්වාර රජය අවාමි ලීගයේ සියලු කටයුතු තහනම් කර ඇත ‘අවාමි ලීගය’ ලියාපදිංචි කිරීම වැළැක්වීමට බංග්ලාදේශ මැතිවරණ කොමිසම පියවර ගත්තේ ද ඒ අනුවය.

‘අවාමි ලීගය සහ ඊට අනුබද්ධ සංවිධානවල සියලුම ක්‍රියාකාරකම් තහනම් කිරීමට ගත් තීරණයට අනුව, අවාමි ලීගය පක්ෂය ලියාපදිංචි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ’ යැයි බංග්ලාදේශ මැතිවරණ කොමිසමේ ලේකම් අක්තාර් අහමද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)