හයිටියට රාජ්‍යයට නව අගමැතිවරයෙක්


ප්‍රචණ්ඩ ක්‍රියා පිරුණු අවනීතිය රජකරන හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රිට්ස් බෙලිසාරී පත් කර ගැනීමට එරට අන්තර්වාර පාලක මණ්ඩලය කටයුතු කළේය.

සාමාජිකයන් නව දෙනකුගෙන් යුත් හයිටි අන්තර්වාර පාලක මණ්ඩලය, නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රිට්ස් බෙලිසාරී පත් කළේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මයිකල් පැටි්‍රක ධුරයෙන් ඉවත් කරමිණි.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරි හයිටිය, දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකින් බැටකයි. අපරාධ කල්ලි හයිටියේ ප්‍රචණ්ඩක්‍රියා සිදු කරන්නේ ආරක්ෂක අංශවලට අභියෝග කරමිණි.

හයිටි රාජ්‍යයට ස්ථාවරත්වයක් ගෙන ඒම, නව අග්‍රාමාත්‍ය ෆ්‍රිට්ස් බෙලිසාරීගේ පළමු කාර්යය බව පැවැසෙයි. 2016 වසරෙන් පසු හයිටියේ මැතිවරණයක් පවත්වා නැති අතර, ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වීමට ද තමන් පියවර ග්නනා බව නව අග්‍රාමාත්‍ය ලෙස රාජකාරි ආරම්භ කළ බෙලිසාරී පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)