වොෂිංටන් බැල්ටිමෝ ගුවන්තොටුපළේදී කාන්තාවක් සහ පිරිමින් තිදෙනකුගේ හැසිරීම සැක සහිත බවට අනෙක් මගීන් පැවසීම හේතුවෙන් ඔවුන් සිව්දෙනාට යානයෙන් ඉවත්වීමට නියෝග කැරුණි. ඒ ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළදාට පසුවදාය.
ඇමරිකාවේ චිකාගෝ බලායන යානයකට නැග සිටි මගීන් සිව්දෙනකු යානයෙන් බැස්සවීම ගැන එම ගුවන් සමාගම කනගාටුව පළ කිරීම ප්‍රතික්ෂේප කරයි.
බැල්ටිමෝ ගුවන්තොටුපළේ දී කතක හා මිනිසුන් තිදෙනකු ගුවන් යානයෙන් ඔවුන් ගැන ඇතිවූ සැකයක් නිසා බව ස්පිරිට් එයාර්ලයින් සමාගම කියයි. පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ දිනවලම එම පිරිස සිය ජංගම දුරකථනයෙන් ප්‍රවෘත්ති බලමින් සිටි බවත් එම ගුවන් සමාගම සිද්ධිය ගැන කනගාටුව පළ කළ යුතු යැයි මුස්ලිම් කණ්ඩායම් වලින් නැගෙන ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.



