අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් නිව්යෝක් බෞද්ධ විහාරයේ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
පිංකම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා සහ තානාපති කාර්යාලයේ සේවක පිරිසද එක්ව සිටියහ.
ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවෝ විශාල පිරිසක්ද සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමට එක්වූහ.






