සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා
රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට පෙරේදා (26) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතාව සංවිධානය කර තිබුණේ අන්නා හසාරේගේ ආධාරකරුවන්ය. ඔවුන් සෝනියා ගාන්ධිගේ නිවසට කඩා වැදීමට උත්සහ කළ ද පොලිසියෙන් ඊට බාධා එල්ල විය. පොලිසිය විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදමින් කඳුළු ප‍්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා වේ.

