විනෝදාංශය සදහා සොහොන් බිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්ත පොලිසිය සමත්ව තිබේ.
සොහොන් වල තැන්පත් කර තිබූ ප‍්‍රතිමා,මල්,රූප ආදිය සිය නිවෙස වෙතද ගෙනගොස් ඇති ඇය ඒවා නිවස අලංකාර කිරීමට භාවිතා කර ඇතැයිද සදහන්ය.57 හැවිරිදි මේ ‘‘සොහොන් බිඳින්නිය‘‘ ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලින් ඇය ලොකු කුඩා සොහොන් ගණනාවක් බිද දමා ඇතැයි හෙළිවූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සොහොන් වලින් සොරකම් කර නිවසේ තබාගෙන සිටි ප‍්‍රතිමා ඇතුලූ බඩු බාහිරාදිය පොලිස් භාරයට ගෙන තිබේ.ඇය දැන් සිටින්නේ සිරභාරයේ වන අතර ඇයට එරෙහිව නඩු පැවැරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

