සූර්යයන් හතරක් ඇති ග‍්‍රහලොවක් හමුවෙයි
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග‍්‍රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
පී.එව්. 1 යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලොව සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකාවේ යේල් සරසවියේ තාරකා විද්‍යාඥයන් පිරිසකටය.
එම ග‍්‍රහලොව වායුවලින් පිරුණු යෝධ ග‍්‍රහයකු වන අතර පෘථිවිය මෙන් 6 ගුණයක් විශාල යැයි ද වාර්තා වේ.

