
මහ වැසි හේතුවෙන්, බටහිර සුඩානයේ මාරා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් නායයෑමට ලක් විය. එරට මාධ්‍ය වාර්තා කළේ ගම්මානයේ සිටි 1,000 ක් පණ පිටින් වැළලී ගියහ.
දින ගණනාවක් නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් නායයෑම් සිදුවුණු බව ද පැවැසෙයි. පස් තට්ටු අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බවත්, බැකෝ යන්ත්‍ර ආදිය නොමැති නිසා පස් තට්ටු සහ සුන්බුන් ඉවත් කිරීම අසීරු බව පැවැසෙයි.
දකුණු සුඩාන බලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලින් ආධාර ඉල්ලා ඇත.

