මුතුන්මිත්තන් සිහිනෙන් පැවසූයේ යැයි කියා 62 හැවිරිදි කාන්තාවක හා විවාහ වී ලොව පුවත් මැවූ නව හැවිරිදි දකුණු අපි්‍රකා ජාතික කොලූගැටයා විවාහය සිදුවී වසරක් ගෙවුණු පසුගියදා තම විවාහ පොරොන්දු අලූත් කිරීමට කටයුතු කළේය.
විවාහ පොරොන්දු අලූත් කිරීමේ උත්සවයට විශාල පිරිසක්ද සහභාගීවී සිටියහ.ඔවුන්ගේ ප්‍රීති ඝෝෂා මැද යුවළ විවාහ පොරොන්දු අලූත් කළහ.
පොරොන්දු අලූත් කිරීමෙන් පසු ලොව ලාබාලතම සැමියන් අතුරින් කෙනෙක් සැළකෙන නව හැවිරිදි සෙනෙයි මසිලෙලා තමන්ගේ මිත්තණිය වීමට තරම් වයසැති බිරිඳ,හෙලන් සහබන්ගුගේ කරෙහි එල්ලී සිටිනු දැක ගත හැකි විය.
හෙලන් දැනටමත් විවාහ වී සිටින්නියක වන අතර ඇයට දරුවන් පස් දෙනෙකි.
පසුගිය වසරේ විවාහ දිවියට එළැඹි අවස්ථාවේ හෙලන් හා සෙනෙයි දෙපළම පැවසූවේ තමන් මෙසේ විවාහ වූයේ මුතුන්මිත්තන් සතුටු කිරීමට මිස අන් කිසිවෙකට නොවන බවයි.
ඒ පැවසූ ලෙසම දෙදෙනා විවාහයෙන් පසු ඔවුනොවුන්ගේ සාමාන්‍ය ජීවිත කරා යොමුවූහ.
ඔවුන් මෙසේ නැවත හමුවී ඇත්තේ චාරිත්‍රානුකූලව විවාහ පොරොන්දු අලූත් කිරීමට ‘සැමියා‘ වන සෙනෙයිට අවශ්‍ය වූ හෙයින්ය.
‘මට මේක නියම විවාහයක් විදිහට කරන්න ඕනේ.මගේ මුතුන්මිත්තෝ මට සිහිනෙන් කීවේ නියම විදිහට විවාහය කරන්න කියලා‘ ඔහු කීය.
දෙදෙනාගේ විවාහයට සෙනෙයිගේ මව පියා,ඇතුලූ සහෝදර සහෝදරියන්ගේවත්,හෙලන්ගේ දරුවන් හා සැමියාගේවත් විරෝධයක් නැත.
ඔවුන් පවසන්නේ සෙනෙල් හා හෙලන් මෙසේ විවාහ වූයේ මුතුන්මිත්තන් පැවසූ නිසාවෙන් බවයි.
එනිසා ලෝකයෙන් නැගෙන අපවාදයන් තමන් ගණනකටවත් ගන්නේ නැතැයි ඔවුහු කියති.

