ප්‍රංශ ගුවන් හමුදාව සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ඉලක්කයන්ට ගුවන් ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙයයි. චාර්ල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළේ සිට ප්‍රහාරක යානා ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත යවන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
සිරියාවේ අගනගරය වන ඩමස්කස්, ඇලෙක්පෝ සහ රඛා නම් නගරවල ත්‍රස්ත ඉලක්කයන්ට බෝම්බ ප්‍රහාර එල්ලකර ඇත. රුසියාව පසුගිය සති අන්තයේ සිරියාව වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර රුසියන් හමුදා පවසන්නේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 500ට පමණ පහරදුන් බවයි.
රුසියා ජනාධිපති වැල්ඩ්මිර් පුටීන් සිරියාවේ ත්‍රස්තවාදි කටයුතු ගැන සාකාච්ඡා කිරීමට සඳුදා ඉරානයේ ටෙහෙරාන් නුවරට හදිසියේම සංචාරය කළේය.






