බලූ පටියක් ගෙළට ගැට ගැසූ පිරිමියෙකු සතර පයින් ඇවිද්දවාගෙන යන කාන්තාවක පසුගියදා ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයේ වීදියක දැක ගත හැකි විය.මේ දෙන්නා අඹුසැමියෝය.
ඇය දම් පැහැ නිදන ඇදුමකින් සැරසී සිටියාය.මග සිටියෝ මේ දෙදෙනා ගැන පොලිසිය දැනුම්වත් කළහ.
පොලිසිය පැමිණෙන විට ඔවුන් වීදියේ නොසිටියෝය.කෙසේහෝ ඔවුන්ගේ නිවස සොයාගිය පොලිස් නිළධාරීහු මේ ගැන කරුණු විමසූහ.
එහිදී මොවුන් දෙදෙන සැමියා හා බිරිඳ බව හෙළිවිය.හතර පයින් ගොස් ඇත්තේ සැමියාය.
අලූත් දෙයක් අත්හදා බැලීමේ අරමුණින් මෙය කළ බව ඔවුහු කීහ.
හතර පයින් ගියේ සැමියා හෙයින් ඔහු පිළිඹධඅවධානය යොමු කළ පොලිස් නිළධාරීහු මෙසේ කළේ බිරිඳගේ බලකිරීම නිසාදැයි විමසූහ.
මෙය තමන්ගේද කැමැත්ත ඇතිව සිදුවුවක් බව සැමියා සහතික කළේය.

