සම්මානලාභී ලේඛක සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළ 24 හැවිරිදි තරුණයාට වසර 25 ක සිර දඩුවමක් නියම විය.
මුස්ලිම් ලෝකයේ උදහසට ලක්වුණු ආන්දෝලනාත්මක ලේඛකයකු වන සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරය එල්ල වූයේ 2022 වසරේදී ඔහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දේශනයක් පවත්වද්දීය.
එම ප්‍රහාරයෙන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි විය. ප්‍රහාරය එල්ල කළේ හාඩි මාටර් නමැත්තාය. සල්මාන් රුෂ්ඩි ඝාතනය කිරීමට තැත් කිරීටෙම් චෝදනාවලට හාඩි මාටර් වරදකරු විය. සල්මාන් රුෂ්ඩි ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවෙකි.
(ඒ.එෆ්.පී.)