ස්පෑම් හවුස් සයිබර් ආක්‍රමණ මඟින් ලොව පුරා අන්තර්ජාල වේගය අඩපණ කළ නෙදර්ලන්ත ජාතිකයා පසුගියා දා නීතියේ දැලට කොටු විය.
ස්පාඤ්ඤයේ සිට සයිබර් ආක්‍රමණ මෙහෙයවූ තිස්පස් හැවිරිදි මොහු අන්තර්ජාල ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම සයිබර් ප්‍රහාරයේ නියමුවා ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය.
ස්පාඤ්ඤ ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු රට පුරා සැරිසරා ඇත්තේ ඇන්‍ටනා සවි කළ ජංගම වෑන් රථයකිනි.
බාසිලෝනා සිට කිලෝමීටර 35 උතුරින් පිහිටි ග්රැනෝලස් නගරයේදී අත් අඩංගුවට ගත් ඔහු අනතුරුව මැඩ්රිඩි අධිකරණයට ඉදිරිපත් කළ බව ස්පාඤ්ඤ අධිකරණය කියයි.

