ෂැංග්හයි සමුළුවට රොබෝවරියක් ඇවිල්ලා


චීනයේ ටියැන්ජින් නගරයේ පැවැති ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට රටවල්  26 ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. 

ෂැංග්හායි සමුළුවේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව පමණක් නොවන බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු සැබෑ කාන්තාවක වැනි රොබෝවරියක ද සමුළුවට සහභාගී වුණු බවය. මාධ්‍යවේදීන්ගේ අවධානය ද මෙම රොබෝවරියට යොමු වුණු අතර, ෂවුහී නමැති මෙම රොබෝවරිය ඔවුන් සමඟ ඉංග්‍රීසියෙන්, රැසියන් බසින් සහ චීන භාෂාවලින් ද කතා කළාය.

මාධ්‍යවේදීන් ෂවුහී රොබෝවරියගෙන් දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රශ්න විමසූ බවත්, ඇය ඒවාට පිළිතුරු දීමෙන් වැළකී සිටිය බවත් වාර්තා වේ.

චීනය මේ වනවිට රොබෝ තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටී. චීනය පසුගියදා කෘත්‍රිම බුද්ධි රොබෝවරුන් සහභාගී කර ගනිමින් ඔලිම්පික් උළෙලක් ද පැවැත්වීමට කටයුතු කළේය. එය කාගේත් අවදානය දිනා ගත්තේය.