
නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ට්‍රම්ප් අණින්, ඇමෙරිකන් හමුදාව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිද කුදලාගෙන ඇමෙරිකාවට රැගෙන ඒමෙන් පසු, මචාඩෝ සහ ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර දෙදෙනා අතරේ දුරකතන කතාබහ පැවැත්විණි.
ධවල මන්මදිරයේ දී ට්‍රම්ප් හමුවෙමින්, පසුගිය 2025 දී හිමිවුණු නොබෙල් සාම ත්‍යාග පදක්කම ඇමෙරිකන් ජනාධිපතිවරයා වෙත පිරිනමමින් මචාඩෝ කීවේ, "වෙනිසියුලාවේ නිදහස වෙනුවෙන් අප ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය තබා සිටිමු" යනුවෙනි.

