ඇෆ්ගනිස්ථානයේ පාසැල් දෙකක සිසුවියන් 300 ක් විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය යම් කඩාකප්පල්කාරි ක්‍රියාවක්යැයි එරට බලධාරීන් සැකකරයි.
මෙම සිද්ධිය වි ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ හෙරට් පොලිස් දිස්ත්‍රික්කයේය.
ඇෆ්ගනිස්ථානයේ පාසැල් යන ගැහැනු දරුවන්ට එල්ල වන ප්‍රහාර ඉතාමත් වේගයෙන් වැඩි වි තිබේ. සන්නද්ධ කැරළිකරුවන් පවසන්නේ එරට ගැහැනු දරුවන් පාසල් නොයා යුතු බවයි.

