විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් සාක්කියක් සොයගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ විශ්වය බිහිවූවා යැයි සිතිය හැකි අතිවිශාල තාරකා පිළිබඳ තොරතුරු ලැබුණු බවයි. හිරුමෙන් කිහිප ගුණයක් විශාල දැවැන්ත තාරකා වන මේවායේ ආයුකාලය කුඩා වූ බැවින් ඒ කිසිවක් දැන් දක්නට නැතත් ඒවා සම්බන්ධ සළකුණු හමුවූ බව ඔවුහු කියති.
විද්‍යාඥයන් පවසන්නේ මේ සළකුණු අධ්‍යයනය කිරීමේ දී පැරණි විශ්වය සම්බන්ධයෙන් ඇදහිය නොහැකි මනහර තොරතුරු රැසක් සොයාගත හැකි බවයි. මේ සොයාගැනීම කර ඇත්තේ ජපානයේ ටෝකියෝ හි පිහිටි ජාතික තාරකා විද්‍යා නිරික්ෂණාගාරයේ ආචාර්ය වාකෝ ආකි සහ ඔහුගේ සිසුන් කණ්ඩායමක් විසිනි. මේ සොයා ගැනීම සඳහා තාරකා පුරාවිද්‍යාව නමින් හඳුන්වන තාක්ෂණයක් උපයෝගී කරගත් බව පැවසේ.
ඔවුන් පෙන්වාදෙන්නේ පළමු පරපුරේ තාරකා හයිඩ්‍රජන් හා හීලියම් සංයෝජනය මගින් වෙනත් ග්‍රහලෝක හා තාරකා සෑදීමේ ප්‍රමුඛ වූ බවයි. විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව විශ්වය සෑදී ඇත්තේ අදින් වසර කෝටි 1380ට පෙරාතුව සිදුවූ මහා පිපිරුමකිනි. එහිදී ඇතිවූ පළමු පරපුරේ තාරුකා සියල්ල වසර කෝටි 80ට පෙර සුපර් නෝවා මගින් පිපිරි ගොස් ඇත.
මේ තාරකා පිළිබඳ දැන සිටියේ කරුණු කිහිපයක් පමණි. ඉදිරියේ දී මේ තාරකාවල රසායනික ලක්ෂණ දැකගත් හැකි බව ද ඔවුහු පවසති.




