වසර 33 කට පසු නෙදර්ලන්තයට රජෙක්


විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නෙදර්ලත්නයේ නව රජතුමා ලෙස පෙරේදා (30* කිරුළු පැළැඳීමත් සමඟ 33 වසරකට පසු එරටට රජෙක් ලැබුණි.
නෙදර්ලන්තයේ බියටි‍්‍රක්ස් රැුජින (75)  සිය කිරුළ වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් (45* කුමරුට පිරිනැමීමට තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරය. එම කටයුත්ත නිලවශයෙන් සිදුවූයේ පෙරේදාය.

බියටි‍්‍රක්ස් රැුජින සිය කිරීටය අත් හැරීමත්, විලියම් ඇලෙක්සැන්ඩර් කුමරු නව රජු ලෙස කිරුළු පැළැඳීමත් සිදුවුණේ ඇම්ස්ටර්ඩෑම්හි රජ මැදුරේ පැවැති විශේෂ රාජකීය උත්සවයකදීය. දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, රජ පවුලේ සාමාජිකයන් පමණක් නොව, දෙනර්ලන්ත රජයේ ඇමැතිවරු ද ඊට සහභාගී වූහ.

විලියම් රජු සහ මැක්සිමා දේවිය