වරායේ ක්ලෝරීන් විෂ වායු කාන්දුවක්


ජෝර්දානයේ අකාබා වරායේ සිදුවුණු විෂ වායු කාන්දුවකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 250 කට වැඩි පිරිසක් රෝගී වී රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

කාන්දු වූයේ ක්ලෝරීන් විෂ වායුවය. ක්ලෝරීන් වායු ටැංකි අඩංගු කන්ටේනර් පෙට්ටි දොඹකරයකින් භාණ්ඩ නැවකට පටවමින් සිටිද්දී, කන්ටේනරය තුළ අසුරා තිබූ එක් ක්ලෝරීන් ටැංකියක් නැව මතට පතිත වී ක්ලෝරීන් වායු කාන්දුව සිදුවිය.

ක්ලෝරීන් විෂ වායු කාන්දුව සිදුවන අයුරු වරායේ සවි කර ඇති සී.සී.ටීවී. ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති අතර, එම දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණි. කහ පැහැති ක්ලෝරීන් විෂ වායුවෙන් බේරීමට වරායේ සේවකයන් හිස් ලූලූ අත දිවයන ආකාරය ද සී.සී.ටීවී ආරක්ෂක කැමරාවලින් දකින්න ලැබේ.

(රොයිටර්)