බ්‍රිතාන්‍යයේ සර්ව ආගමික සහජීවන සතියට සමගාමිව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ආගමික සහජීවන එකමුතුවක් සංවිධානය කර තිබිණි. විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල හිමියන්ගේ ඇරයුමෙන් මහා බ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික සමඟි ජාලයේ හැරියට් ක්රබ්ට්‍රී ඇතුළු සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරමින් ශාන්ත මයිකල් සහ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ ෆැබ්රිසියෝ පියතුමා, ලන්ඩනයේ ශිවාස්ත්‍රම් සභාවේ ස්වාමි නිර්ලිප්තානන්ද, හවුන්ස්ලෝ සීක් පුජ්‍යස්ථානයේ චරාන්ජිත් අජිත් සින්, කොන්සර්වේටිව් ඉස්ලාම් හවුලේ ෆාරුක් මියා, බ්රෙන්ෆර්ඩ් ක්වේකර් සංවිධානයේ බේසි වයිට්, බ්‍රිතාන්‍ය බෞද්ධ සංගමයේ සභාපති ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සහ බැටර්සි සාම විහාරයේ ගයෝරෝ නගාසේ හිමි සමඟ මහා පිරිසක් සහභාගී වුහ.
වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීස්වර ගුණරත්න මහතාද විශේෂ අමුත්තෙක් වශයෙන් සහභාගි විය.
උත්සවය ආරම්භ කිරීමට පෙරාතුව පැරිස් නුවර සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් සියලුම දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.
පැමිණ සිටි බෞද්ධ සැදැහැවත්හු සීලවිමල හිමියන් විසින් පංච ශිලයෙහි පිහිටවනු ලැබුහ. චාරිත්‍රානුකුලව ප්‍රධාන ආරාධිතයෝ පහන් දැල්වුහ. ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසුවියෝ සාමය සහ සහජීවනය නිරුපණය කළ නර්තන අංගයක් ඉදිරිපත් කළහ. මහාසංඝ රත්නය පිරිත් දේශනාවක් පවත්වා සියල්ලටම ආශිර්වාද කරන ලද්දේ ඉන් අනතුරුවය.
සියලුම ආරාධිතයෝ කෙටි දේශනා පවත්වා වත්මන් සමාජයට ඔවුන්ගේ ආගමික දර්ශනයන්ගෙන් ලබාගත හැකි උපකාර පෙන්වා දුන්හ. බුදුදහම පිළිබඳ දේශනය පවත්වන ලද්දේ දේදුනුපිටියේ උපනන්ද හිමියන් විසිනි.
දහම් පාසලේ දරු දැරියෝ නරසිහ ගාථා ගායනා කරමින් ඒවායේ අරුත ඉංග්‍රීසි බසින් විස්තර කර දුන්හ. කරණියමෙත්ත සුත්‍රයේ ඇති අගය සහ එමඟින් වත්මන් සමාජයට ලබාගත හැකි උපදෙස් පෙන්වා දුන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ රිචඩ් ජෝන්ස් විසිනි. කෝන්වැවේ අරියරතන හිමියෝ ස්තුති කතාව කළහ.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/115.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/313.jpg)
![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1112.jpg)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1311.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/1611.jpg)
![32[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/321.jpg)
