බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ විධායක කමිටුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සමඟ ලන්ඩන් නුවරදී හමුවු බව ලන්ඩන් ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චිගේ කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ විස්තර සාකච්ජා කළ මෙම හමුව සංවිධානය කර ඇත්තේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමකට අනුව බවද ඔහු කියයි.
පසුගිය වසර තිස් පහක පමණ කාලයක් පක්ෂයේ වැඩ කටයුතු සඳහා ලන්ඩන් ශාඛාව විසින් දක්වන ලද අඛණ්ඩ සහාය පිළිබඳව රත්නායක මහතා ස්තුතිය පළ කළේය. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී පක්ෂ අරමුදල සඳහා දුන් මුල්‍යමය ආධාර පිළිබඳව ද ඔහු පක්ෂයේ කෘතඥතාවය පළ කර ඇත.
පක්ෂ සාමාජිකත්වයේ ස්ථිර වර්ධනයක් දක්නට ලැබීමත් අලුතෙන් එජාප තරුණ ශාඛාවක් ක්‍රියාත්මකවී තිබීමත් පිළිබඳව ද ඇමැති තම සතුට පළකර ඇත.
පසුගියදා ලන්ඩනයට පැමිණි එජාප මහා ලේකම් කබීර් හෂීම් ද බ්‍රිතාන්‍ය ශාඛාවේ වැඩ කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ බව ඔහු කියයි.

![UNP5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP51.jpg)
![UNP2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP21.jpg)
![UNP3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP31.jpg)
![UNP4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP41.jpg)
