ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් හි ශ්‍රී ලංකා නිව්යෝක් නැටුම් අධ්‍යාපන ආයතනය සංවිධානය කළ ‘නූර්ති හරඹ සර 2‘ කලා මංගල්‍යය පසුගිය 24 වැනිදා සවස ස්ටැටන් අයිලන්ඩ් කලා විශ්ව විද්‍යාල රංග පීඨයේදී පැවැත්විණි.
නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ නැටුම් හා රංගන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම කලා මංගල්‍යය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකාවේ නැටුම්, රංගන හා බෙර වාදන කලාවේ ප්‍රවීණ කලාවේදියකු වන ජිතේන්ද්‍ර විද්‍යාපති මහතා එක්ව සිටියේය.
ධම්මිකා නාවින්න මහත්මියගේ අනුශාසකත්වයෙන් කලායතනයේ ආචාර්යවර්න වන දිල්හාන් පිනාගොඩ , නලින්ද, ඉන්දික හා උත්පල යන ආචාර්යවරුන්ගේ හා සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ගේ මූලිකත්වයෙන් නිරෝෂි ගලගෙදර මහත්මිය උත්සවයේ වේෂ නිරූපණ කටයුතු සිදු කළාය.





