රොකී කඳු වැටියේ නැගීමට ගිය 3 ක් මරුට


රොකී කඳු වැටියේ කැනඩාවට අයත් ප්‍රදේශයෙන් කඳු නැගිමට ගිය පලපුරුදු කඳු නගින්නන් තිදෙනකු හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් මිය යන්නට ඇතැයි අනුමාන කරන බව කැනඩා බලධාරීහු පවසති.
 
හොවුසේ පීක් නම් මුදුන වෙත ලඟාවීම මොවුන්ගේ අරමුණ වී තිබුණ නමුත් සැලසුම් කර තිබූ වේලාවට එම ස්ථානයට ළඟාවී නොමැති බව වාර්තා වේ.
 ජාතික උද්‍යාන සේවක පිරිස් ප්‍රදේශය පුරා ගුවනින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර හිම කන්දක් කඩා වැටුණු ස්ථානයක කඳු නැගීම සඳහා භාවිතා කරන උපකරණ වල සුන්බුන් දක්නට ලැබුණු බව සඳහන් කර ඇත.

 
 ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනකු සහ ඇමරිකානු ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇත.
 
 
(බීබීසි ඇසුරිනි - 085)