තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර නිල සංචාරයකට යෑමට නියමිතය.
එම නිල සංචාරය සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වාය. මෙම සංචාරයේදී, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සාකච්ඡා පැවැත්වීමටත්, නව ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටත් නියමිතය.
දෙවැනි ලෝක යුද්ධයේ දී සෝවියට් රුසියාව, නාසි හමුදා පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය සැමරීම නිමිත්තෙන් විශේෂ යුද සැමරුම් උත්සවයක්, මොස්කව් අගනුවර පැවැත්වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින්පින් මොස්කව් බලා යන්නේ එම උත්සවයේ ප්‍රධාන අමුත්තකු ලෙස ඊට සහභාගීවීමේ අරමුණින්ය.
එම යුද ජයග්‍රහණ සැමරුමට විශේෂ අමුත්තකු ලෙස සහභාගී වන්නැයි රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් කර ඇත. කෙසේ නමුත් ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙන්, අගමැති මෝදි එම රුසියන් සංචාරය අවලංගු කර ඇත.
(ඒ.එෆ්.පී.)