රුසියාවේ ඒ 321 ගුවන් යානය සෙනසුරාදා කඩා වැටීමෙන් මියගිය මගීන් 224 දෙනා සිහිපත් කරමින් අද (1) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි රුසියා රජය කියයි.
ඊජිප්තුවේ ෂාම් අල් ෂෙයික් සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට ගමන් ගත් යානය නැගෙනහිර සිනායි ප්‍රදේශයේදී කඩා වැටීමෙන් කුඩා දරුවන් 17 දෙනකු ඇතුළුව එහි ගමන් කළ සියලු මගීහු මරණයට පත්වූහ.
යානය කඩා වැටීමට හේතුව කාර්මික දෝෂයක් බව රුසියාව ප්‍රකාශ කරන අතර අයිඑස්අයිඑස් සටන්කාමීන් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම යානය බිම දැමීමට ප්‍රහාරයක් එල්ල කළ බවයි. නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කරයි.
යානයේ කළු පෙට්ටි දෙකම සොයාගත් බව ඊජිප්තුව පවසයි.




