
”රුසියාව විනාශ කළ යුතුයි” මොන්ටිනෙග්රෝ හි යුක්රේන කොන්සියුලර් කාර්යාලය විසින් සමාජ මාධ්‍යයේ මෙම පණිවිඩය පළ කර තිබූහ.
හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි සමාජ මාධ්‍ය යේ පණිවිඩයක් පල කර තිබූ අතර එය තත්පරයක් යන්නට මත්තෙන් මකා දමා තිබුණි.
රුසියානු විදේශ අමාත්‍යංශය බෝල්කන් රාජ්‍යයෙන් ඉල්ලා ඇත්තේ පොඩ්ගොරිකා හි පිහිටා ඇති තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙසයි.
සෙනසුරාදා දින පැවැත්වෙන යුක්රේන හිතවාදීන්ගේ පෙළපාලියේදී යුක්රේන කොන්සියුලර් කාර්යාලය සිදු කරන මෙවැනි උසිගැන්වීම් හේතුවෙන් තම රාජ තාන්ත්‍රිකයන්ට අනතුරක් විය හැකි නිසා මෙසේ ආරක්ෂාව වැඩිකරන ලෙස රුසියාව ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ පොඩ්ගොරිකා හි යුක්රේන කොන්සියුලර් කාර්යාලයේ මිකයිලෝ ෂිමටොව් මුහුණු පොත හරහා සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත රුසියානු විරෝධී පෙළපාලිය හෑෂ් ටැග් රුසියාව විනාශ කළ යුතුමයි යටතේ යුක්රේන භාෂාවෙන් සහ මොන්ටිනෙග්රෝ භාෂාවෙන් ප්‍රචාරය කිරීමත් සමගය.
මේ සම්බන්ධව රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තබමින් පවසා තිබුනේ ආක්‍රමණශීලි සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කවුරුන් දැයි මෙවැනි පණිවිඩ මගින් මානව පැහැදිලි වන බවයි.
පසුව කොන්සියුලර් කාර්යාලයේ හෑෂ් ටැග් එක යුක්රේනුවන් විරුද්ධ වේවි ලෙස වෙනස් කර තිබුණි.
විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)

