රුමේනියා මැතිවරණයේ ප්‍රතිඵල එයි


යුරෝපා රටක් වන රුමේනියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එරට බුකාරෙස්ට් නගරාධිපති ලෙස කටයුතු කළ නිකුසෝර් ඩාන් ය.

නිකුසෝර් ඩාන් මධ්‍යස්ථ දේශපාලනඥයෙකි. දූෂණය මැඩපැවැත්වීමටත්, යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට දැඩි සහයෝගයක් දීමටත් ඩාන් ප්‍රතිඥා දී ඇත.

ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 99 ක් ගණන් කර අවසන් වෙද්දී, ඩාන් මිලියන 5.83 කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාරෙගන සිටි බව මැතිවරණ බලධාරීහු නිවේදනය කළහ. 

ඩාන්ගේ ප්‍රතිවාදියා වූයේ දක්ෂිණාංශික ජාතිකවාදී අදහස් ඇති ජෝර්ජ් සිමියොන් ය.