රියදුරකු නොමැති වාහන මහ මග ධාවනය කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර දී තිබේ. මේ අනුව 2015 ජනවාරි මාසයේ සිට බ්‍රිතාන්‍යයේ තෝරාගත් පොදු මාර්ග කිහිපයක රියදුරන් නොමැති වාහන ධාවනය වනු ඇත.
වසර කිහිපයක සිට පරීක්ෂණ මට්ටමේ පැවති රියදුරන් නොමැති වාහන මේ වසරේ දී පුද්ගලික මාර්ගවල පමණක් ධාවනයට කලින් අවසර දී තිබිණි.



