නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකුවූ ජෝනා ලෝමු අද මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මිය යන විට ලෝමු 40 වැනි වියේ පසුවිය.
1994 සිට 2002 දක්වා කාලයේ නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම වන ‘ඕල් බ්ලැක්ස්‘ නියෝජනය කළ ලෝමු නවසීලන්තය වෙනුවෙන් තරග 74 කදී උත්සාහක දිනුම් 43 ක් වාර්තා කර ඇත. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන් අතර සම තැන හිමි ලෝමු එහිදී උත්සාහක දිනුම් 15 ක් වාර්තා කර ඇත.
වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුට 2004 වසරේදී වකුගඩු බද්ධයක්ද සිදුකෙරිණි. 2011 වන විට ඔහුගේ ශරීරයේ ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම නතරවිය. අසනීප තත්ත්වයෙන් පීඩාවිඳි ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද මියගියේය.
තම රග්බි ක්‍රීඩාවේ යුග පුරුෂයකු ලෙස ලෝමු හඳුන්වාදිය හැකි බවත් මුළු මහත් රග්බි ලෝකයම ඔහුට ආදරය කළ බවත් නවසීලන්ත රග්බි ප්‍රධාන විධායක ස්ටීව් ටිව් ප්‍රකාශ කරයි.





