යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවත්, එලැඹෙන ජූනි පළමු වැනිදා සිට මෙම නව තීරුබදු පැනවීම ක්‍රියාත්මක ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තීරුබදු සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සමඟ තම නියෝජිතයන් දිගින් දිගටම සාකච්ඡා කළත්, එම සාකච්ඡාවල කිසිදු ප්‍රගතියක් අත් නොවුණු බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත. එහෙයින්, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මෙලෙස සියයට 50 ක තීරු බදු පැනවීමට බලාපොරෙත්තු වන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
'යුරෝපා සංගමයේ වෙළඳ බාධක දරුණුයි. හැමවිටම ඇමෙරිකන් සමාගම් ලොකු අසාධාරණයකට ලක් වෙනවා. යුරෝපා සංගමයේ ක්‍රියාකලාපය නිසා ඇමෙරිකාවට වසරකට ඩොලර් 250,000,000 කට වැඩි වෙළඳ හිඟයක් ඇති වී තිබෙනවා. මෙය මඟ හරවා ගන්න අප උත්සාහ කළත්, යුරෝපා සංගමය ඊට නම්‍යශීලී බව පෙන්වන්නේ නැහැ. සාකච්ඡා සාර්ථක නැහැ. සියයට 50 අනෝන්‍ය තීරුබදු නිර්දේශ කිරීමක් හැර වෙන විකල්පයක් නැහැ' යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)