අභිනවයෙන් පාප් ධුරයට තේරී පත්වුණු 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ ද ඊට සහභාගී වූහ.
එසේ රැස්ව සිටි රාජ්‍ය නායකයන් අතරේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සිටි අතර, මංගල දේව මෙහෙය අවසානයේ දී පාප්තුමන් සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.
වසර තුනක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය අවසානයක් දැකිය යුතු බවත්, රුසියාවත් යුක්රේනයත් අතර සාම සාකච්ඡා සඳහා වතිකානය ඕනෑම අවස්ථාවක මැදහත් වීමට සූදානම් බවත් පාප්තුමා යුක්රේන ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළේය.
යුක්රේන ජනාධිපතිවරයාගේ බිරිද ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියාය.
(ඒ.එෆ්.පී.)