යානයක් හිස මතට පහත් වෙයි


ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළ තීරයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් ගොඩබැස්වීමෙන් වෙරළේ සිටි පුද්ගලයකු මියගොස් ඔහුගේ දියණිය තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවනේ දී කාර්මික දෝෂයක් ඇතිවීමෙන් කඩා වැටීමේ අවදානමකට පත්වූ යානය හදිසියේ ම වෙරළට ගොඩබැස්සවීමට තීරණය කැර තිබේ. යානය ගොඩබාද්දී එහි ගැටුණු ඔම්මී ඉරිසාරි නම් ජෝර්ජියානු ජාතිකයකු මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගතකැර ඇත. ගුවන් නියමුවාට හෝ එහි ගමන්කළ මගියාට අනතුරක් නොවූ බව දැනගන්නට ඇත.