මෝදි සමඟ වැඩ කරන්න සූදානම්


පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදිට චීනය සුබ පතා ඇත. චීනය වෙනුවෙන් මෝදිට සුබ පතා ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් ය.

ඉන්දියාවත් චීනයත් අතරේ දේශසීමා අර්බුදයක් ඇති අතර, චීනය ආසියා කලාපයේ සිය ආධිපතය පැතිරීම ඉන්දියාවට ද තර්ජනයක් වී ඇත. ඇමෙරිකාව සහ ඉන්දියාව අතරේ යහපත් සබඳතා පවතින්නේ ද දෙරටටම චීනය අභියෝගයක් වී ඇති බැවිනි.

චීන අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත්තේ ඉන්දියාව සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑමට චීනය කැමැත්තෙන් පසුවන බවය. 

 (ඒ.එෆ්.පී.)