රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින්, යුක්රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ කිරීමට පවා රුසියන් හමුදාව සමත් වූ බව ද පැවැසෙයි.
ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය කටයුතු කළේය.
රුසියාව පවසා ඇත්තේ අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් යුක්‍රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවය.
(එන්.ඩී.ටීවී.)