මෙලානියාගේ පිළිමය හොරු අරන්


ස්ලොවේකියාවේ ඇති, ඇමෙරිකා ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ ලොකඩ පිළිම අතුරුදන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙලානියා උපත ලබා ඇත්තේ ස්ලොවේකියාවේ, නෝවෝ මෙස්ටෝ නමැති ගම්මානයේය. ඒ, 1970 වසරේදීය.

මෙලානියාගේ එම ලෝකඩ පිළිමය ඇත්තේ ඇය උපන් ගම්මානය ඉදිරියේය. ඒ 2017 වසරේ දී ට්‍රම්ප් පළමුවෙන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, මෙලානියා ජනාධිපති ආර්යාව ලෙස කළ මෙහෙවර ඇගයීමට ලක් කරමිණි.

පළමුවෙන් ඉදි කර තිබුණේ ලී පිළිමයකි. කඩාකප්පල්කාරීන් ඊට ගිනි තබා හානි කළ බැවින් පසුව, ලෝකඩ පිළිමයක් ඒ වෙනුවට ඉදි කෙරුණි. අතුරුදන් බව පැවැසෙන්නේ එයයි.

(ඒ.එෆ්.පී.)