මෙක්සිකෝවට රික්ටර් මාපකාංක 8ක ප්‍රබලත්වයේ භූමිකම්පාවක්


මෙක්සිකෝහිදීය (රොයිටර්)

දකුණු මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. 

රික්ටර් මාපකාංක 8.4ක ප්‍රබලත්වයක් වාර්තා කර තිබෙන මෙම භූමිකම්පාව දුලබ තත්ත්වයෙන් භූමිකම්පාවක් යැයි ද භූ කම්පන විද්‍යාඥයෝ පැවැසූහ.  
භූමි කම්පාව හේතුවෙන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වන අතර මෙක්සිකොවේ චියාපාස් ප්‍රාන්තයේ දකුණට වන්නට පිහිටි ටේ‍රස් පිකෝස් හි අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ද ඔවුහු කීහ. භූමිකම්පාවෙන් පසු පසුකම්පනද වාර්තා වී තිබෙන අතර සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි. 

(055)