මියන්මාර මගී යානයක් අනතුරේ


නැගෙනහිර මියන්මාරයේ ගුවන් තොටුපොළකට ගොඩ බෑමට උත්සහ කළ අවස්ථායේදී මගීන් 55 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ඊයේ (17) අනතුරට පත්විය.
අනතුර සිදුවුණේ ගුවන් යානයේ තිරිංග පද්ධතියේ සිදුවුණු දෝෂයක් හේතුවෙනි.
චීනයේ නිෂ්පාදිත ‘එම්60’ වර්ගයේ එම යානය, මියන්මාරයේ පෞද්ගලික ගුවන් සේවා සමාගමකට අයත් යැයි ද පැවැසෙයි.