ග‍්‍රීසියත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටුපායිද?
ග‍්‍රීසියේ රාජ්‍ය ණය අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඇති කර ගත් ගිවිසුම අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ ජනතාවගේ අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය අනුව රජය එහි ජනතාව වෙනුවෙන් තවත් පාර්ශවයක් සමග ඇති කර ගන්නා ගිවිසුමක් ජනතාවගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පැරණි සමයේ ග‍්‍රීසියේ පැවති ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමීප පියවරක් වශයෙන් අගය කළ යුතු වුවද ප‍්‍රංශය හා ජර්මනිය යන ”ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල” හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විරෝධය හමුවේ එය ඉවත්කර ගැනීමට ග‍්‍රීක අගමැති පපන්ඩි‍්‍රයෝට සිදුවිය. ඒ වෙනුවට ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර ඉන් ඔහු ජය ගත්තේය. එහෙත් ඔහුට අගමැති තනතුරේ රැුඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත. ප‍්‍රංශයේ ජනාධිපති සාර්කාසිගේ හා ජර්මනියේ චාන්සලර් මර්කෙල්ගේ බලපෑම මත ජනමත විචාරණය ඉවත්කර ගැනීමට සිදු වූ ආකාරයටම ඔහුට අගමැති තනතුරෙන් ද ඉවත් වීමට සිදුවුයේ ජාතික සමගි රජයක් පිහිටුවීම සඳහාය. ග‍්‍රීසියේ ජනතාව මත දැඩි බදු බරක් පැටවෙන මෙම ගිවිසුම ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කිරීමට අගමැති පපන්ඩි‍්‍රයෝට සිදු වුයේ ජනතාවගේ විරෝධය නිසාය. රාජ්‍ය ණය ගෙවීමට නොහැකිව බංකොලොත් වීමට ආසන්නව සිටින ග‍්‍රීසියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් යුරෝ බිලියන 130ක ගලවා ගැනිමේ ණය මුදලක් ලබා දීමට එකඟ වුයේ මූලික වශයෙන් ප‍්‍රතිපත්ති තීරණ හතරක් පදනම් කර ගෙනය. ඒ අනුව ආදයම් බදු සීමාව යුරෝ 12,000 සිට 5,000 දක්වා අඩු කිරීම වැට් බද්ද සියයට 19 සිට 23 දක්වා ඉහළ දැමීම සියලූ සේවකයන්ගේ වැටුප සියයට 30 කින් අඩු කිරීම හා විශ‍්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 61 සිට 65 දක්වා වැඩි කිරීමට පියවර ගත යුතුය. ඊට අමතරව විශ‍්‍රාමික වැටුප් සියයට 20 සිට 40 දක්වා ප‍්‍රමාණයකින් කපා හැරීමට ද ග‍්‍රීක රජය එකඟවිය. වසර හතරක් තිස්සේ ආර්ථික අවපාතයකට මුහුණ දීමෙන් තම ජීවින තත්ත්වය පිරිහී ඇති ග‍්‍රීක ජනතාව දුෂ්කර පියවර යනුවෙන් හැඳින්වෙන මෙම ප‍්‍රතිපත්තිවලට එකඟවූයේ නැත. ඊට එරෙහිව දිනපතාම පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වූ අතර දින දෙකක් තිස්සේ රටම අකර්මණ්‍යකළ මහා වැඩ වර්ජනයක් ද ක‍්‍රියාත්මක විය. අගමැති පපන්ඩි‍්‍රයෝට යුරෝපා බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ජනමත විචාරණයට ඉදිරිපත් කිරීමට සිදු වුයේ එම නිසාය. එහෙත් යුරෝපා සංගමයේ බලවත්ම රටවල් දෙක වන ප‍්‍රංශය හා ජර්මනිය ඊට තදින් විරුද්ධ විය. ඒ එම යෝජනාව නිසැකයෙන්ම ජනමත විචාරණයෙන් පරාජය වීමේ අනතුරක් තිබු නිසාය. තම විරෝධයේ පළමු පියවර වශයෙන් කලින් යුරෝපා සංගමය සමග අත්සන් කර තිබූ ණය ප‍්‍රමාණයෙන් මීට සති දෙකකට පෙර ගෙවීමට නියමිතව තිබූ යුරෝ බිලියන අටක මුදල රඳවා ගැනිණ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉදිරි සති කීපය තුළ ආපසු ගෙවීමට නියමිත ණය මුදල් ගෙවීමට ග‍්‍රීක රජයට නොහැකි වීමට ඉඩ තිබිණ. ඇත්තෙන්ම මෙම ජනමත විචාරණය පැවැත්වීමට නියමිත වූයේ යුරෝපා මහ බැංකුව සමග ඇති කරගත් ණය ගිවිසුම පිළිබඳව වුවද ප‍්‍රංශ ජනාධිපති සාකොසි හා ජර්මන් චාන්සලර් මාකෙල් එය විග‍්‍රහ කළේ යුරෝ මුදල් ඒකකය හා යුරෝපා සංගමය තුළ රැුඳී සිටින්නේ ද යන්න ගැන පවත්වන ජනමත විචාරණයක් සේය. ජනමත විචාරයෙන් රජය පරාජය වුවහොත් ග‍්‍රීසිය එම ආයතනවල සාමාජිකත්වයෙන් ඉවත්විය යුතුය. ග‍්‍රීක අගමැති පපන්ඩි‍්‍රයෝට ජනමත විචාරණය පිළිබඳ අදහස අතහැර දැමීමට සිදු වුයේ එම නිසාය. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමේ යෝජනාවක් ජය ගත් නමුත් බලයේ රැුඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත. විපක්‍ෂයේ සිටින නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමග ජාතික එකමුතු රජයක් පිහිටුවීමට බලපෑම එල්ලවිය. එහෙත් අගමැති පපන්ඩි‍්‍රයෝගේ නායකත්වය යටතේ සභාග රජයකට එකතුවීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායක අන්ටෝනිස් සමාර්ස් එකඟවූයේ නැත. ණය මුදල් ලබා ගැනීමේ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන විපක්‍ෂය වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය සමග සභාගයකට එකඟවීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ නිසා අගමැති පපන්ඩි‍්‍රයෝට තනතුරෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් වූයේ නැත. ලබන වසරේ මුල භාගයේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය තෙක් මෙම සභාග රජය පවතින අතර ඔවුන් ණය ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත යුතුය. යුරෝපා මහ බැංකුව සමග ඇතිකර ගත් ගිවිසුම යටතේ සිදු වන්නේ ග‍්‍රීක රජය ප‍්‍රංශ හා ජර්මන් බැංකු වලින් ලබාගත් ණය ගෙවීමට යුරෝපා මුල්‍ය ආරක්‍ෂණ අරමුදල යටතේ මුදල් ලබා දීමය. එය ඇත්තෙන්ම එම බැංකු බංකොලොත්වීම වැළැක්වීමට ගත් පියවරකි. ඒ වෙනුවෙන් ග‍්‍රීක රජය ඉහතින් දැක් වූ ආකාරයට සිය වියදම් කපා හැර බදු ආදායම් වැඩිකර ගත යුතුය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් පිරිහීමය. මෙම ණය ගිවිසුමට ජනතාවගෙන් විරෝධය එල්ල වන්නේ ඒ නිසාය. එහෙත් තම ව්‍යවස්ථා සම්පාදකයින්ට බලපෑම් කිරීමට ඇති ක‍්‍රමයක් වන ජනමත විචාරණයක් පැවැත්වීමට යුරෝපා සංගමයේ ප‍්‍රබල රටවල් එකඟ වන්නේ නැත. ඇත්තෙන්ම ග‍්‍රීසියේ ව්‍යවස්ථාදායකය තුළ සිටින ජනතා නියෝජිතයන් පවා ජනමතයට ගරු කිරීමට සුදානම් නැත. පපන්ඩි‍්‍රයෝ විශ්වාසය දිනා ගැනිීමේ යෝජනාව ජය ගත්තේ එම නිසාය. ඉන් පැහැදිලි වන්නේ නූතන ආර්ථික බලවේගය හමුවේ ජනතා නියෝජිතයන් තව දුරටත් එසේ නොවන්නේය යන්නයි.








