මැද පෙරදිග සිට ඇමරිකාවට-එංගලන්තයට යන මගීන්ට විද්යුත් සන්නිවේදන උපකරණ තහනම්


(බී බී සී පුවත් ඇසුරිණි- 085)

මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ස්මාර්ට් ජංගම දුරකථන ගෙන ඒම තහනම් කිරීමට ඇමෙරිකාව සහ එංගලන්තය තීරණය කර ඇත.

ඇමෙරිකාව මෙම තහනම ප්‍රථමයෙන් පැනවූ අතර එම නිවේදනයෙන් පසු එංගලන්තය ද රටවල් හයකට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීය.

ඇමෙරිකාව පවසන්නේ ගුවන් යානා ඉලක්ක කරගෙන සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

බුද්ධි අංශ වාර්තා අනුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරණය ගත් බවද ඇමෙරිකා බලධාරිහු කියති.

මේ අනුව මැද පෙරදිග කලාපයේ ගුවන් සේවා නවයක් සඳහා තහනම ක්‍රියාත්මක වේ.