
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.
මාලදිවයින විපක්ෂය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ර්මට සැරැසෙන්නේ, පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත්තේ 2018 වසරේ ඔහුගේ බැංකු පෞද්ගලික ගිණුමට සිදුවුණු මුදල් බැර කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. මේ සම්බන්ධයෙන් මේ වනවිට නව වාර්තාවක් ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වන්නේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ සහ ‘මාලදිවයින ජතතා පෙරමුණ’ පක්ෂයයි.
(ඒ.එෆ්.පී.)

