මනාලිය බැකෝවෙන් යයි


සිය මනාලිය කැන්දාගෙන යාමට පස් කපන බැකෝ යන්ත‍්‍රයකින් පැමිණි මනාලයෙකු ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.

සයිමන් පළපුරුදු බැකෝ යන්ත‍්‍ර කි‍්‍රයාකරුවෙකි.ඔහුගේ පෙම්වතිය වූ හෙයිඩිද සිය පෙම්වතාගේ ‘බැකෝ  වූ පිස්සුව‘ ගැන හොදින්ම දැන සිටියාය.එහෙයින් මංගල දිනයේදී තමන් පල්ලිය වෙත කැන්දාගෙන යාමට සයිමන් බැකෝ යන්ත‍්‍රයක පැමිණ තිබීම ඇයට පුදුමයක් නොවිය. බැකෝ යන්ත‍්‍රයක සාමාන්‍යයෙන් අසුන් ගැනීමට හැක්කේ එක් අයෙකුට පමණක් බැවින් හෙයිඩිට සිදුවූයේ යන්ත‍්‍රයේ පස් රදවාගන්නා ‘‘කුල්ලේ‘‘ සිටගැනීමටය.අනතුරුව සයිමන් ඇය පරිස්සමින් පල්ලිය වෙත රැගෙන ගියේය.

‘‘මට කිසිම බයක් ඇතිවුණේ නැහැ.සයිමන් දක්ෂයකු බව මා දන්නවා.මගේ මවුපියන් ඇතුළු සියලු දෙනාට පුදුමයක් වුණ මම බැකෝ යන්ත‍්‍රයක එනවා දැකීම.

පල්ලිය වෙත පැමිණි යුවළ නෑදැහිතමිතුරන් සියලූ දෙනාගේ ආශිර්වාදය මධ්‍යයේ විවාහ දිවියට ඇතුළත් වුහ.ඔවුන්ගේ ‘‘ගමන් සගයාද’’ ඒ අසලම ගාල් කර තිබිණි.