මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ ජනපති කැමරුන් රාජ්‍යයට පලා යයි


කැරැලිකරුවන් මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ අගනුවර අත්පත් කර ගැනීමත් සමඟ එරට ජනපති ෆ‍්‍රැන්කොයිස් බොසී ඊයේ(26) අසල්වැසි කැමරුන් දේශයට පලා ගියේය.
සෙලේකා නමැති කැරැලිකරුවෝ බෙන්ගුයි අගනුවර පාලනය සියතට ගෙන සිටිති. ඒ සමඟ මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ පාලනය සෙලේකා සටන්කාමී සන්ධානය යටතේ පවතින අතර එහි නායකයා වන්නේ මයිකල් ජොටෝඩියාය.
කැරැලිකරුවන් රටේ පාලනය අත්පත් කරගැනීමත් සමඟ අපි‍්‍රකානු සංගමය එරටට සංචාරක තහනමක් ද පැනවීය.
රජය හා කැරැලිකරුවන් අතර ඉකුත් ජනවාරි මාසයේදී ඇති කරගත් සාම ගිවිසුම පසුගිය සතියේදී අවසන් වූයේ කැරැලිකරුවන්  යළි රජයේ හමුදා වෙත ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟය.