ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලාය තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ලිබියාවේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පවසයි. ට්‍රිපෝලි අගනුවර සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වහාම ආරක්ෂක ස්ථානවෙත යොමුවන ලෙස දන්වා ඇති බ්‍රිතාන්‍ය රජය ඔවුන් හැකි ඉක්මණින් යලි සියරට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කැර ඇත.
පසුගිය සති දෙකක කාලයේ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 200ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


