බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇමරිකාවේ ලාස්වේගාස් ගුවන් තොටුපලේදී මගීන් 172 ක් සමග ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරට ලක්වී ඇතැයි බීබීසී පුවත් සේවය කියයි.
ගුවන්තොටුපළ බලධාරීන් පවසනුයේ අඩුම වශයෙන් මගීන් 13 ක් පමණ සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා ඇකඩමියේ පාලනාධිකාරියේ ප්‍රකාශකයකු වන ඉයන් ග්‍රෙගර් පැවසූයේ ගුවන් යානයේ වම් පස එන්ජිම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි.
ගින්න හේතුවෙන් හටගත් අධික දුමාරයෙන් ගුවන් යානය වැසී ගිය බවත් පසුව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් වාර්තාවේ.



