බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක සහිත තත්වය නිසා, ඒ ගැන පොලිස් විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී ඇති බවත් පැවැසෙයි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, ස්ටාර්මර් ලන්ඩනයේ ඩවුනිං වීදියේ අගමැති නිල නිවසට පදිංචියට පැමිණ ඇත්තේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස කුළියට දෙමිනි.
නිවසේ ගින්නක් හටගත් බව සැලවුණු සැණින් පැයක් පමණ ඇතුළත ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නෙන් නිවසට බරපතල හානි කිසිවක් සිදු නොවුණු බව ද පැවැසෙයි. ගින්න හට ගනිද්දී නිවසේ කිසිවකු හෝ නොසිටි බව ද පොලිසිය පවසයි.
පසුගිය වසරේ, මෙම නිවස ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්විණි. ඒ, අග්‍රාමාත්‍ය ස්ටාර්මර්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කරන බැවිනි. එම විරෝධතාව පැවැත්වූයේ පලස්තීන ආධාරකරුවන් පිරිසකි. විරෝධතාව ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් බවත්, පොලිසිය පැමිණ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පසුව වාර්තා විය.
තම පවුලේ නිවස ගිනි ගැනීමට ලක් වුණු බව දැනගත් සැණින්, ගින්න නිවා දැමීමට මැදිහත් වීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ගිනි නිවන භටයන්ට ස්තුති කිරීමට පවා අමතක කළේ නැත.