බටහිර සිනමාවට විශේෂ ප‍්‍රයෝග හඳුන්වා දුන් හැරීහවුසන් අභවප‍්‍රාප්ත වෙයි


පරිගණක හෝ පරිගණක සජීවීකරණ හොලිවුඞ් සිනමාවට එක් වීමට පෙර, 1950 සහ 60 දශකයේ ආදායම් වාර්තා බිඳ දැමූ හොලිවුඞ් චිත‍්‍රපට සඳහා විශේෂ ශිල්ප ක‍්‍රම නිර්මාණයෙන් දායක වූ ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබූ රේ හැරීහවුසන් පෙරේදා (7) බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත වූයේය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92 කි. ලෝක සිනමාවට විශේෂ ශිල්ප ක‍්‍රම හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද මොහුය.