ප‍්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලක කලබලයක්


තුවක්කුවක් අතැති මැදි වියේ පුද්ගලයෙක් ඊයේ (17) හදිසියේම ප‍්‍රංශයේ පැරිස් නුවර පෙර පාසලකට කඩා වැදී,  කුඩා දරුදැරියන්ට සහ ගුරුවරුන්ට තර්ජනය කර  ඔවුන් බියවද්දා  පසුව හිසට වෙඩි තබා ගෙන දිවි නසා ගත්තේය.
අවුරුදු 50 ක් පමණ වයසැති එම තැනැත්තා මානසික පීඩනයකින් සිටි බව තමන්ට දකින්න ලැබුණු බව සිද්ධියෙන් කම්පනයට පත් වූ ගුරුවරු පැවැසූහ.
වෙඩි තැබීම සිදුවුණේ අයිෆල් කුලූනට නුදුරෙන් පිහිටා ඇති රූ සෙල් හි පිහිටි ල රොෂ්ෆ්ලූකෝද් නමැති පෙර පාසලේය.